මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුදමය තත්ත්වය හේතුවෙන් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
පූර්වාරක්ෂිත පියවරක් ලෙස, ජූලි 20 වන දින සිට ජූලි 26 වැනිදා දක්වා සතියක කාලයක් කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් සේවාවන් මෙසේ අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් ලබාගැනීමට අවශ්‍ය මගීන්ට 1979 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ +94 11 777 1979 / +94 74 444 1979 යන වට්ස්ඇප් (WhatsApp) අංක වෙත පණිවිඩ යොමු කිරීමෙන් ගුවන් සේවය සම්බන්ධ කරගත හැකිය.
එමෙන්ම, මෙයට අදාළ වැඩිදුර යාවත්කාලීන කිරීම් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බව දන්වා සිටියි.














