• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ලෝකයේ රටවල් එක්ව ක්‍රියා කළයුතුයි

ඇමැති බිමල් රත්නායක

22 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව මුහුණ දෙන  අභියෝග ජය ගැනීමට  ලෝකයේ රටවල් එක්ව ක්‍රියා කළයුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථිකය නැවත ස්ථාවර කිරීමත් දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ලෝකයේ රටවල් එක්ව කටයුතු කළයුතු යැයි චීනයේ පැවති 5 වැනි ටිබෙට් (Xizang) ට්‍රාන්ස්-හිමාලයා ජාත්‍යන්තර සහයෝගීතා සංසදයේදී ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත.
ජූලි 16දා සිට 18 දක්වා චීනයේ ලින්ෂි නගරයේ පැවති මෙම සංසදය සඳහා මියන්මාරයේ උප ජනාධිපති, නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක, පාකිස්තානයේ දේශගුණික විපර්යාස ඇමැතිවරයා ඇතුළු රටවල් රැසක ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගී වූ අතර, ඇමැති බිමල් රත්නායක මහතා එහි ප්‍රධාන දේශකයකු ලෙස අදහස් දැක්වීය.
“මිනිසා සහ ස්වභාවධර්මය අතර සහජීවනය – සංවර්ධනයේ ප්‍රතිලාභ හවුලේ බෙදා ගැනීම” යන තේමාව යටතේ පැවති මෙම සංසදයේදී, පරිසරය ආරක්ෂා කරමින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ට්‍රාන්ස්-හිමාලයා කලාපයේ රටවල් වෙන් කරන බාධක ලෙස නොව, එකිනෙකා සමීප කරන පාලම් ලෙස කඳු පද්ධති දැකිය යුතු බව පෙන්වා දුන් ඇමැතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව චීනය සමඟ පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, එක් චීන ප්‍රතිපත්තිය සහ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටත් කැපවී සිටින බව යළි තහවුරු කළේය.
ප්‍රවාහනය, සැපයුම් කළමනාකරණය, ඩිජිටල් ආර්ථිකය, තිරසර සංචාරක ව්‍යාපාරය සහ හරිත බලශක්තිය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව පුළුල් කළ හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා, ආර්ථිකය නඟාසිටුවීමේ සිට දේශගුණික විපර්යාස දක්වා අද ලෝකය මුහුණ දෙන අභියෝග කිසිම රටකට තනිව ජය ගත නොහැකි බැවින් සියලු රටවල් එකට එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
මෙම සංසදයට සමගාමීව ඇමැතිවරයා ටිබෙට් ස්වාධීන කලාපීය පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික ෂූ ෂිවෙන් (Xu Zhiwen) මහතා සමඟ ද සාකච්ඡා පවත්වා ඇති අතර, ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර සහ අමාත්‍යාංශ නිලධාරිනී මල්කාන්ති ජයරත්න යන මහත්මීහු ද මෙම සංචාරයට එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

ඉන්දියාවේ නිදහස් සටන්කාමී සර්දාර් තේජා සිං සමුන්ද්‍රිගේ ශතසංවත්සර අනුස්මරණ උලෙළට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය එක්වෙයි

Next Post

කොස්ගොඩ ඉඩමක වළදමා තිබූ ගිනි අවි සහ බෝම්බ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කොස්ගොඩ ඉඩමක වළදමා තිබූ  ගිනි අවි සහ බෝම්බ සමඟ  සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවට

කොස්ගොඩ ඉඩමක වළදමා තිබූ ගිනි අවි සහ බෝම්බ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved