ඉන්දියාවේ නිදහස් සටන්කාමියකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සර්දාර් තේජා සිං සමුන්ද්‍රි මහතාගේ ශතසංවත්සර (අභාවයෙන් වසර සියයක් පිරීම) අනුස්මරණ උලෙළ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණී කොලොන්නේ මහත්මිය සහභාගි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නවදිල්ලියේ ගුරුද්වාරා රකාබ් ගන්ජ් සාහිබ් (Gurdwara Rakab Ganj Sahib) හිදී පැවැත්වුණු මෙම උපහාර උලෙළ, ශ්‍රී තරන්ජිත් සිං සන්ධු (Shri Taranjit Singh Sandhu) මහතා විසින් සංවිධාන කර පවත්වා තිබේ.
ගුරුද්වාරා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයකු මෙන්ම ශිරෝමණී ගුරුද්වාරා පර්බන්ධක් කමිටුවේ (SGPC) නිර්මාතෘවරයකු ද වන සර්දාර් තේජා සිං සමුන්ද්‍රි මහතා නිදහස් සටන්කාමියකු ලෙස ඉටුකළ අසමසම මෙහෙවර සහ ඔහුගේ උරුමය අදටත් පරම්පරා ගණනාවකට ආදර්ශයක් සපයන බව මෙහිදී සිහිපත් කෙරිණි.
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම අනුස්මරණ උත්සවය පැවැත්විණි.














