කොස්ගොඩ, ගනේගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක වළදමා සඟවා තිබූ ගිනි අවියක්, අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය IIහි නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී බෝර 12 ෂොට් ගන් (Shotgun) ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, T-56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 7ක් සහ මිලිමීටර් 9 හිස් උණ්ඩ කොපුවක් සොයාගෙන තිබේ.
මෙම අවි ආයුධ සැඟවීමට සම්බන්ධයෙන් කොස්ගොඩ, නාපෙ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.














