ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කර මගී ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් 20 දා පස්වරුවේ සිදු කරනු ලැබීය. නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදු කළ මෙම පරීක්ෂාවේදී, නුවරඑළියේ සිට නානුඔය, බොරලන්ද සහ මාගස්තොට යන මාර්ගවල ධාවනය වූ බස් රථ තුනක් භූමිතෙල් මිශ්‍ර කර සකස් කළ ඩීසල් භාවිතා කරමින් ධාවනය වන බවට තහවුරු වී ඇත.
පරීක්ෂණ කටයුතු සඳහා එම බස් රථවල ටැංකිවල තිබූ ඉන්ධන සාම්පල් ලබාගත් බවත්, ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරය වෙත යොමු කර ලබාගන්නා වාර්තාවලට අනුව අදාළ බස් රථ රියැදුරන් තිදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිත බවත් නුවරඑළිය පොලිසියේ රථවාහන අංශය පවසයි. මගී ජනතාවගේ ආරක්ෂාව සහ වාහනවල යහපැවැත්ම තහවුරු කිරීම සඳහා මෙවැනි වැටලීම් සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවද රථවාහන නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.














