පහන් ගෙදරට වසර එකසිය හැටක් සපිරුණු ඉකුත් දින, ප්‍රවීණ, ප්‍රකට, වියත්, ජ්‍යෙෂ්ඨ කතෝලික මාධ්‍යවේදී සහ ‘ඥානාර්ථ ප්‍රදීපය’ සහකාර කර්තෘ ශිරාන් මෛත්‍රී මහතා, පහන් ගෙදරට පිවිස තම සමිඳු ගිහි දූත මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් වසර හතළිහක සුවිශේෂී දේව සේවයක් සනිටුහන් කර ඇත.
‘ඥානාර්ථ ප්‍රදීපය’ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා සහ පහන් ගෙදර සහෘදයන් එක්ව, ඉදිරියටත් චිරාත් කාලයක් පුරාවට පහන් ගෙදර ආලෝක කරමින් ඥානාර්ථ ප්‍රදීපය බබළවන්නට එතුමන්ට සමිඳු සුවය, සවිය, දිරිය සහ දෙවිඳු ආසිරි පතමින් සුබ පැතුම් එක් කළ ළයාන්විත මොහොතක් ලෙස මෙය සටහන් වේ.














