නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ගමන් කරමින් තිබූ ත්රිරෝද රථයක් පාලනය කරගත නොහැකිව මෝහිනී ඇල්ලට ප්රපාතයට පතිත වීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්රිරෝද රථය තුළ වැඩිහිටියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ගමන් කර ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














