කොළඹ අගරදගුරු පදවියේ පූජක සේවාවට නවක තේවාචාරි සහෝදරතුමන් 4 කට පූජක වරම් ප්‍රදානය කිරීම එළඹෙන 25 වැනිදා (සෙනසුරාදා) උදේ 9.00 ට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහයක රදගුරුතුමන්ලා හා පදවි පූජකතුමන්ලාගේ සහභාගිත්වයෙන් කොළඹ, කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පැවැත්වීමට නියමිතය.
මෙම පූජක වරම් ලැබීම සඳහා ලසාල් ප්‍රියංකර සහෝදරතුමා (මීගමුව කමිටුව), ශලංක මදුෂාන් සහෝදරතුමා (දළුගම), අසිත ශ්‍රියන්ත සහෝදරතුමා (ජාඇල, වෑවල) සහ ෂෙහාන් දිල්රුක් සහෝදරතුමා (කිරිමැටියාගාර) යන මහත්වරුන් සුදුසුකම් ලබා ඇත.














