ලොව ප්රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය පත්වී ඉකුත් ජූලි 21 වැනිදාට වසර 66ක් පිරුණි. තම සැමියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1959 දී ඝාතනයට ලක්වීමෙන් පසු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගත් එතුමිය, 1960 ජූලි 21 වැනිදා ශ්රී ලංකාවේ අගමැතිනිය ලෙස පත්වූවේ ලෝක වාර්තාවක්ද තබමිනි.
එමෙන්ම, මෙරට දේශපාලන හා ආර්ථික පෙරළියකට මුලපිරූ 1977 ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය 5/6ක දැවැන්ත ජනවරමකින් බලයට පත්වීම සිදුවූයේද මෙဲ့ම ජූලි 21 වැනි දිනකදීය. ඒ, මීට පෙර 1970 වසරේදී බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 2/3ක ජනවරමකින් බලයට පත්ව තිබූ සමගි පෙරමුණු රජය පරාජයට පත් කරමිනි.














