රජය දීර්ඝ කාලයක් පුරා විරුද්ධ වූ ඇතැම් ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, දශක ගණනාවක් පුරා විරුද්ධ වූ සමාජයට වටිනා ඇතැම් කරුණු මේ වන විට රජය විසින්ම ඉදිරියට ගෙන යමින් සිටින බවයි. එවැනි යහපත් පියවර දේශපාලන මතභේදවලින් තොරව රටේ යහපත වෙනුවෙන් ඇගයිය යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














