සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් වැය කර ඇති මුදල් සැලකිල්ලට ගනිමින් එය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
ව්‍යාපෘතිය රටට ප්‍රයෝජනවත් ඵලදායී යටිතල පහසුකම් ව්‍යාපෘතියක් බව විගණකාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇති බවත්, දැනටමත් වැය කර ඇති රාජ්‍ය මුදල් නාස්ති කර දැමීම වෙනුවට එය අත්හැර දැමීමෙන් තොරව ඉදිරියට ගෙන යාම වඩාත් සුදුසු බව විගණන නිර්දේශයෙන් පෙන්වා දී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.












