සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය අලාභදායී බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් කැබිනට් පත්‍රිකා මගින්ම බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රටට ප්‍රයෝජනවත් සංවර්ධන ව්‍යාපෘතිවලට තම පක්ෂය සැමවිටම සහාය දෙන නමුත්, විරුද්ධ වන්නේ සංවර්ධනයට නොව එම ව්‍යාපෘති මුවාවෙන් සිදුවන දූෂණයට සහ රාජ්‍ය මුදල් අනිසි ලෙස වැය කිරීමට බවයි. පසුගිය වසර හත තුළ ගත් වැරදි තීරණ හේතුවෙන් රටට සිදුවූ හානිය අවම කිරීම සඳහා වත්මන් රජයට “Damage Control” ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.














