ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්රචණ්ඩත්වය සහ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 වන දින පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, සමාජ මාධ්‍ය වයස් සීමා පැනවීමේ සංකීර්ණතා සහ එහි අතුරු ප්‍රතිඵල පිළිබඳව මෙන්ම, ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් සහ දරුවන් බලගැන්වීම සහ මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම ඇතුළත් ‘බුද්ධිමත් සංයෝජනයක’ (Smart mix) උපාය මාර්ග නිර්දේශ කර ඇත. තවද, පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වී තිබේ.














