මිල්කො සමාගමේ අලෙවි නියෝජිත ප්‍රණාම උළෙල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මොනාක් ඉම්පීරීයල් හෝටලයේදී පැවැත්වී තිබේ.
පසුගිය පාලන කාලයන් තුළ විකුණා දැමීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය වත්මන් ආණ්ඩුව යටතේ වැඩිම ආදායමක් ලබමින් එම ලාභාංශ කිරි ගොවියන්ට හා සේවකයන්ට බෙදා දී ඇති අතර, එහි අලෙවි ඉලක්ක සපුරා ලීමට දායක වූ අලෙවි නියෝජිතයන් ඇගයීම මෙහිදී සිදු කර ඇත. මෙම අවස්ථාවට අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.














