නාගරික බස් ප්‍රවාහනය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ එළඹෙන සැප්තැම්බර් මාසය වන විට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ධාවනය වන මෙට්‍රෝ බස් සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
නාගරික ප්‍රවාහනය සඳහා අඩු උසකින් යුත් “Low-floor” මෙට්‍රෝ බස් පමණක් භාවිත කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර, 2027 වසර අවසානය වන විට මෙට්‍රෝ බස් සංඛ්‍යාව 272ක් දක්වා සහ 2029 වන විට බස් රථ 500ක සේවා ධාවනයක් ඇති කිරීම ඉලක්ක කරගෙන කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත. තවද, 2032 හෝ 2035 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නාගරික පොදු ප්‍රවාහනය නවීන මෙට්‍රෝ බස් පද්ධතිය මගින් සිදු කිරීම රජයේ දිගුකාලීන සැලැස්ම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














