ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි බෝර්ඩෝ ගුවන්තොටුපළ ආසන්නයේ හටගත් දැවැන්ත ලැව්ගින්නක් නිවීමට උත්සාහ කිරීමේදී ප්‍රංශ ගිනි නිවන භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන්තොටුපළේ වාහන නැවැතුම්පොළ අසල පිහිටි ලඳු කැලෑවකින් ආරම්භ වූ මෙම ගින්න පසුව ශීඝ්‍රයෙන් පැතිර ගොස් ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලකට ද දැඩි ලෙස හානි සිදුකර ඇති බව වාර්තා වේ.














