ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇත.
ජාත්‍යන්තර රාමු සහ ජාතික අත්දැකීම් ඇසුරින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ, සුදුසු බලධාරීන්ගේ අනුමැතියෙන් පසු අදාළ පුහුණු කිරීම් සහ දිශානති වැඩසටහන් සමඟ දිවයින පුරා පිහිටි පාසල් වෙත ලබාදීමට නියමිතය. ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් සහ දරුවන් බලගැන්වීම මෙන්ම මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම මෙහි අරමුණයි.














