හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුජ බණ්ඩාර මහතා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒ සඳහා අදාළ විමර්ශන කටයුතු සිදුකිරීමට මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.














