ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ලබන 28 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
ඒ අනුව, එදිනට සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.














