මාතර නාවිමන ප්‍රදේශයේ නිවසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඩැහැගෙන යාමට තැත් කළ විශාල ප්‍රමාණයේ උකුස්සෙකුගෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට පියා සහ අසල්වාසීන් සමත්ව තිබේ. පසුගිය 20 වනදා මෙම අනපේක්ෂිත සිදුවීම සිදුව ඇති අතර, සීරීම් තුවාල ලබා සිටි දරුවා වහාම මාතර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු නිවස වෙත පිටත් කර යවා ඇත.
දරුවාගේ කෑගැසීමේ ශබ්දය ඇසී වහා එළියට පැමිණි පියාට දැකගත හැකි වී ඇත්තේ අතිවිශාල උකුස්සෙකු දරුවා ඩැහැගෙන ඉහළට පියාසර කිරීමට සැරසෙන ආකාරයයි. වගකීමෙන් යුතුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පියා උකුස්සාගෙන් දරුවා මුදාගෙන ඇති අතර, සිදු වූ සිදුවීමෙන් දරුවා තවමත් දැඩි බියකින් පසුවන බව පවුලේ සාමාජිකයෝ පවසති.














