2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ඒ අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට වඩා ඉහළ අගයකි.














