තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ අධිසැර විදුලි කුළුණකට නැඟ පුද්ගලයෙකු විරෝධතාවක නිරත වීම නිසා එම ප්‍රදේශයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.
අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා මෙසේ හදිසියේ විදුලිය විසන්ධි කර ඇති අතර, කුළුණ මත සිටින පුද්ගලයා ආරක්ෂිතව පහතට බස්සවා ගැනීම සඳහා පොලිසිය සහ සහන කණ්ඩායම් මේ වන විට දැඩි උත්සාහයක යෙදී සිටිති.














