ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සඳහා BYD සහ DENZA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම Green EV සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙම හවුල්කාරිත්වය හරහා පළාත් නවයම ආවරණය වන පරිදි Green EV හි DC fast chargers 100කට අධික සංඛ්‍යාවක් සහ AC chargers 70කට අධික සංඛ්‍යාවක් සහිත ජාලයක් භාවිත කිරීමේ අවස්ථාව BYD සහ Denza වාහන හිමියන්ට හිමිවේ. යාපනයේ සිට හම්බන්තොට දක්වා සහ පුත්තලමේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වා විහිදෙන මෙම ජාලය තුළ 40kW, 60kW සහ 120kW ධාරිතාවලින් යුත් fast charging පහසුකම් ලබාගත හැකිය. පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව සෑම ආරෝපණ මධ්‍යස්ථානයකටම රුපියල් මිලියන 100ක රක්ෂණ ආවරණයක් ද ලබා දී ඇත.
දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමස්ත විද්‍යුත් වාහනවලින් 70%කට ආසන්න ප්‍රමාණයක් BYD වාහන වන අතර, මෙම පුළුල් පහසුකම් හරහා පාරිභෝගිකයන්ට කිසිදු බියකින් තොරව දිවයින පුරා ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත.














