කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (22) දිනයේ වාර්තා වී තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.83ක සුළු වර්ධනයක් සමඟ 21,149.56ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ඒකක 12.39කින් පහළ යමින් 5,932.62ක් ලෙස සටහන් විය.
දිනයේ කැපී පෙනෙන සිදුවීම වූයේ රු. බිලියන 3.53ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි. ON’ALLY HOLDINGS PLC සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දැරූ LANKA REALTY INVESTMENTS PLC විසින් සිය කොටස් අනුබද්ධිත සමාගමක් වන Lee Hedges PLC වෙත බැහැර කිරීමේ රු. බිලියන 2.26ක දැවැන්ත ගනුදෙනුව මීට මූලික වශයෙන් හේතු වී තිබේ.














