මහජනතාවගෙන් තැන්පතු භාරගනිමින් අධික ප්රතිලාභ ලබාදෙන වැවිලි සමාගම් අනුමත කිරීමේ හෝ පිළිගැනීමේ කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොමැති බවත්, එවැනි ක්‍රියා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපතිවරයා අවධාරණය කළේ, මෙවැනි නීති විරෝධී ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසයි. දැනටමත් මුදල් තැන්පත් කර ඇත්නම් ඒවා නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ නොහැකි වන්නේ නම් වහාම පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙසත් හෙතෙම ජනතාවට දැනුම් දෙයි. තැන්පතු භාරගැනීමට අවශ්‍ය නම් එම සමාගම් මුදල් සමාගමක් (Finance Company) ලෙස ලියාපදිංචි විය යුතු බව ද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















