චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයකදී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව චීනය නැවත වරක් සහතික කර තිබේ. දෙරටේ හමුදාවන් අතර පවතින සබඳතාව අභියෝග හමුවේ පරීක්ෂාවට ලක්වූ දීර්ඝකාලීන එකක් බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා පැවසීය.
ඩිත්වා (Ditwah) චක්‍රවාතයෙන් පසුව චීනය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙත යුවාන් මිලියන 10ක ආධාර සැපයූ බව මතක් කළ තානාපතිවරයා, ඉදිරියටත් උපායමාර්ගික විශ්වාසය ගොඩනඟමින් දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව සඳහන් කළේය. ලබන වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන අතර, දෙරටේ හමුදාවන් අතර ප්‍රායෝගික සහ ගොඩනගාත්මක සහයෝගීතාව වර්ධනය කිරීමට කටයුතු කරන බව චීන ජ්‍යෙෂ්ඨ කර්නල් ෆූ ෂියාඕ (Fu Xiao) මහතා ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















