කැනඩාවේ ටොරොන්ටෝ නුවර ප්‍රකට ‘Hospital for Sick Children’ රෝහලේ සේවය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දිසානායක නමැති වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන සහ හිංසන දර්ශන අන්තර්ජාලයෙන් ලබාගැනීම සහ ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
ටොරොන්ටෝ පොලීසියේ අන්තර්ජාල ළමා හිංසන විමර්ශන ඒකකය විසින් 2026 ජනවාරි මාසයේ ආරම්භ කළ පරීක්ෂණයකට අනුව, සැකකාර වෛද්‍යවරයාගේ නිවස සහ රෝහලේ භාවිත කළ පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ පොලිස් බාරයට ගෙන ඇත. අදාළ සිදුවීමත් සමග සැකකාර වෛද්‍යවරයාගේ සේවය වහාම අත්හිටුවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති අතර, මෙම චෝදනා ඔහුගේ වෘත්තීයමය කටයුතුවලට හෝ රෝගී සේවාවන්ට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව පොලීසිය තහවුරු කරයි.
















