නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















