පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් සභානායක බිමල් රත්නායක මහතා විශේෂ ප්රකාශයක් සිදු කර තිබේ.
මන්ත්රීවරයා යම් මානසික තත්ත්වයකින් පසුවන බව දන්නා නිසා මෙතෙක් කල් ඉවසීමෙන් කටයුතු කළද, තවදුරටත් එවැනි අනුමත කළ නොහැකි හැසිරීම් ඉවසා සිටිය නොහැකි බව සභානායකවරයා පෙන්වා දී ඇත. පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගැනීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව එවැනි මන්ත්රීවරුන්ට එරෙහිව දැඩි අත්හිටුවීමේ පියවර ගත යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.














