83 කළු ජූලිය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පළමු වරට ජනතාවාදී රජයක් නිර්මාණය වී ඇති බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජන කොටස් එකමුතුව කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා, කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදී සැබෑ ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
















