සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමා තිබේ.
ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වී ඇති අතර, ක්වාලාලම්පූර් නගරයේ පෙට්‍රෝනාස් නිවුන් කුළුණු, KLCC මින්මැදුර නැරඹීම මෙන්ම ජෙන්ටින් ස්කයිවර්ල්ඩ්ස් තේමා උද්‍යානය වෙත කේබල් කාර් මගින් ගමන් කිරීම වැනි විශේෂ අත්දැකීම් රැසක් ඔවුන් වෙත හිමිවිය. සන්නාම තානාපතිවරුන් වන රොෂාන් රණවන, කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද මෙම සංචාරය සජීවී කරමින් ජයග්‍රාහකයින් සමඟ එක්ව සිටියහ.














