රුපියල් කෝටියක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මාලදිවයින් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදීත්, ඒවා මෙරට තුළ බෙදාහැරීම සිදු කළ ප්‍රධාන ජාවාරම්කරු කොළඹ හෝටලයකදීත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. ඊයේ (22) දහවල් මාලේ නුව සිට පැමිණි 40 හැවිරිදි සැකකරු සිරුරේ සෙලෝටේප් ආධාරයෙන් සඟවාගෙන ග්‍රෑම් 602ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙනවිත් ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත ඊයේ රාත්‍රීයේ කොළඹ හෝටලයක රැඳී සිටි 28 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.














