1983 වර්ෂයේ ජූලි 23 වැනි දින ශ්‍රී ලංකාවේ ඇති වූ වර්ගවාදී කැරැල්ල හෙවත් “කළු ජූලියට” අදට (23) වසර 43ක් සපිරේ.
රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම ඛේදනීය සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 471ක් ලෙස දැක්වෙන නමුත්, අනෙකුත් ඇස්තමේන්තු සහ වාර්තා මඟින් දෙමළ වැසියන් 1,000ත් 1,500ත් අතර පිරිසක් ඝාතනයට ලක් වූ බව සඳහන් කරයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් එක් කළ මෙම අඳුරු මතකය රටම දැඩි කම්පාවට පත් කළ සිදුවීමකි.














