වත්තල, කදිරාන පාලම අසල පිහිටි හෝටලයකදී අද (23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
සිද්ධියට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අදාළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. අද දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පසුව වාර්තා වූ මෙම දෙවන වෙඩි තැබීමේ සිදුවීම මනුෂ්‍ය ඝාතනයක් ලෙසින් දැනට විමර්ශනය කෙරේ.














