වත්තල, කැඳලන්ද පාලම (Kadirana Bridge) ආසන්නයේ පිහිටි හෝටලයකදී අද (23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (23) දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව දිවයිනෙන් වාර්තා වූ දෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙය වෙයි.














