රතු මුහුදේ ගමන් ගත් සෞදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට යේමනයේ හුති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඊට වගකිව යුතු ඉරානයට සහ හුති සංවිධානයට එරෙහිව ප්‍රබල හමුදාමය පියවර ගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.
ගල්ෆ් කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධියට අමතරව රතු මුහුදේ බැබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) නාවික මාර්ගයට ද ප්‍රහාර එල්ලවීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට වඩා වැඩි ඉහළ යාමක් පෙන්නුම් කරමින් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම යුද තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඉරානය විසින් කුවේට් සහ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ද මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ ද ජනාධිපති ට්‍රම්ප්ගේ යුද ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














