එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී දින කිහිපයකට පසු, ඉරාකයේ නව අග්‍රාමාත්‍ය අලි අල්-සයිදි (Ali al-Zaidi) මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත පැමිණ තිබේ.
2003 වසරේ එජා ආක්‍රමණයෙන් පසු ඉරාකයේ දේශපාලන, ආරක්ෂක සහ ආර්ථික ගමන්මඟ තීරණය කළ ප්‍රධානතම බලවතුන් දෙදෙනා වන අමෙරිකාව සහ ඉරානය යන දෙරටම සමඟ පවතින සබඳතා සමබරව පවත්වාගෙන යාම අගමැති අල්-සයිදි හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. වොෂින්ටන් සංචාරයේදී අමෙරිකානු සමාගම් සමඟ ආර්ථික ගිවිසුම් රැසකට එළැඹෙමින්, ආරක්ෂක සබඳතාවල සිට ආර්ථික සහයෝගීතාව දක්වා ඉරාකය ඉදිරියට ගෙන යාමට කැපවූ අල්-සයිදි, වර්තමානයේ අමෙරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරාකයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කලාපීය රාජ්‍ය තාන්ත්‍රික පාලමක් ලෙස කටයුතු කිරීමට උත්සාහ කරයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















