ප්‍රංශයේ නිරිතදිග ජිරොන්ඩේ (Gironde) කලාපයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ඇතුළු 20,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අර්කාචොන් (Bay of Arcachon) බොක්ක ආශ්‍රිතව හෙක්ටයාර 3,400කට වැඩි භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති අතර, ගිනි නිවන භටයන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගිනි නිවා දැමීමේ මෙහෙයුම්වල නිරතව සිටිති. තද සුළඟ සහ අධික උෂ්ණත්වය හමුවේ ගින්න පාලනය කිරීම අභියෝගාත්මක වී ඇති අතර, මෙම ගිනි නිවීමේ මෙහෙයුම් අතරතුර ප්‍රංශයේ ගිනි නිවන භටයන් දෙදෙනෙකු සහ ඉතාලියේ සිසිලි දූපතේදී එක් ගිනි නිවන භටයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර ස්පාඤ්ඤය සහ ඉතාලිය පුරා ද දැඩි ග්‍රීෂ්ම ඍතුවත් සමඟ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්
















