ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය කමිටුවේ 79 වැනි සැසිවාරයට අදාළ ඉහළ පෙළේ (HLP) සූදානම් වීමේ රැස්වීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
නවදිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කලාපීය කාර්යාලයේදී පැවැති මෙම තෙදින රැස්වීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් හොබවන ලදී. 2026-2028 කාලසීමාව සඳහා වන ‘බන්යන් (Banyan) සෞඛ්‍ය රාමුව’ යටතේ පැවැති මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය, ක්ෂය රෝගය තුරන් කිරීම, සර්වකාලීන සෞඛ්‍ය ආවරණය වේගවත් කිරීම සහ සාධාරණ සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.














