පොදු ප්‍රවාහන සේවාවන්හි නියැළෙන පෞද්ගලික බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) සාමාජිකත්වය ලබාදීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය නොවන අංශයේ ප්‍රවාහන සේවකයන්ගේ අනාගත සුබසාධනය සහ හිමිකම් තහවුරු කිරීමේ මුල් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. මෙහි නෛතික ක්‍රියාවලිය, ලියාපදිංචිය සහ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, ඉදිරියේදී මෙම වැඩසටහන මධ්‍යම රජයේ සහ පළාත් සභා මට්ටමින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.














