බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ උද්ගත වී ඇති පරිපාලන සහ විනය ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවියගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබේ.
ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වී.වී. මනෝහාරි ෆොන්සේකා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. නව විදුහල්පතිවරයාගේ පරිපාලන ගැටලු හේතුවෙන් පාසලේ විනය පිරිහී ඇති බවට දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් විරෝධය පළ කර තිබූ අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්වීම් ස්වාධීන වුවද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දු ගත යුතු බව අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.













