යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය අසල සමූහ මිනී වළේ තෙවැනි අදියරේ 40 වන දිනයට අදාළ කැණීම් කටයුතු අවසන් කර තිබේ.
එහිදී මේ වන විට පුද්ගල සිරුරු 471කට අයත් අස්ථි කොටස් හඳුනා ගැනීමට කැණීම් භාර නිලධාරීන් සමත්ව ඇති අතර, ඉන් සිරුරු 455කට අදාළ අස්ථි කොටස් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන් කර ඇත. යාපනය අධිකරණ නියෝග මත තෙවැනි අදියර සඳහා අඛණ්ඩව දින 56ක කාලයක් වෙන්කර ඇති අතර, අදියර තුනම ඇතුළත්ව මේ වන විට දින 94ක් තිස්සේ මෙම කැණීම් කටයුතු සිදු කර තිබේ.














