කැකිරාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහමාංකඩවල ප්රදේශයේ ජලය රැගෙන යන ඇළ මාර්ගයක් ආසන්නයේ පිහිටි වගුරු බිමක සිරවී සිටි වන අලියෙකු ගනේවල්පොල වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වන අලියා වගුරු බිමේ දැඩි ලෙස එරී සිටීම හේතුවෙන් ඔහුව ආරක්ෂිතව මුදාගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව බැකෝ යන්ත්රයක්ද යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් අඛණ්ඩව සිදු කරමින් පවතී.
















