පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) සහ ඩෙංගු රුධිර පරීක්ෂාව (NSI) සඳහා අයකළ හැකි උපරිම මිල නියම කරමින් ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබේ. ඒ අනුව පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 400ක් ලෙසද, ඩෙංගු NSI පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 1200ක් ලෙසද තීරණය කර ඇත. පෞද්ගලික රෝහලකින් හෝ රසායනාගාරයකින් මෙම පරීක්ෂණ සිදුකර ගැනීමේදී නිවැරදි රිසිට්පතක් ලබා ගන්නා ලෙසත්, නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කළහොත් 1977 අංකය හරහා පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















