පසුගිය 2015 වසරේ සිට 2025 වසර දක්වා ගත වූ දශකයක කාලය තුළ පමණක් මෙරටින් ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 108,581ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය ප්‍රකාශ කර සිටියි. වර්තමානය වන විට දරුවන් මුහුණපා ඇති සමාජීය හා ආරක්ෂක අභියෝගවල බරපතළකම මෙම සංඛ්‍යා ලේඛන මගින් මනාව පැහැදිලි වන බව ඇය පෙන්වා දෙයි.
මෙම අපයෝජන සිදුවීම්වලට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රගතිය මෙන්ම අධිකරණමය කටයුතු පිළිබඳවද අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වා ඇත. ඒ අනුව, මේ වසරේ අප්‍රේල් මස 30 වන දින වන විට දිවයින පුරා පිහිටි මහාධිකරණ හමුවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින සක්‍රීය නඩු සංඛ්‍යාව 4,421ක් බව ඇය සඳහන් කළාය. අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති මෙම නඩු කඩිනමින් අවසන් කර විනිසුරු තීන්දු ලබා දීම වත්මන් යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතාවක් වී තිබේ.
දිගු කාලයක් පුරා ඇදී යන මෙවැනි නඩු කඩිනම් කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නේය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස ළමා හා ආරක්ෂණ කාර්යාංශ 47ක් එකිනෙක සම්බන්ධීකරණය කරමින්, එම නඩු නියාමනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.














