නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, ඉහළ යමින් පවතින රිය අනතුරු සහ මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ගැටලුවලට විසඳුමක් ලෙස ක්‍රීඩාව දෛනික ජීවිතයේ අංගයක් බවට පත් කළ යුතු බව අවධාරණය කළේය. එමෙන්ම, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කිරීම සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය පුහුණු හා පහසුකම් සපයමින් සූදානම් කිරීමේ වැදගත්කමද ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.














