පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී මොහොතකදී, “මෙතන නොවැදගත් විදිහට වනචර විදියට හැසිරෙන මන්ත්‍රීවරු ඉන්නවා, මානසික රෝගියෙකු නිසා මම ඉවසලා ඉන්නවා” යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා කතා කරන අවස්ථාවලදී අර්චුනා මන්ත්‍රීවරයා හැසිරුණු ආකාරය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ බිමල් රත්නායක මහතා, ඔහු දෙමළ ජනතාවටද අපහාස කරන පුද්ගලයෙක් බව පැවසීය. පාර්ලිමේන්තුව ජෝක් එකක් කර නොගන්නා ලෙස කතානායකවරයා ද මෙහිදී මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයෙකුට නුසුදුසු ආකාරයට කතා කිරීම නුසුදුසු බව සඳහන් කළේය. අවසානයේදී ඊට ප්‍රතිචාර දක්වමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “මම සයිකෝ වෙන්න පුළුවන්, හැබැයි හෝමෝ සෙක්ෂුවල් නෙවෙයි” යනුවෙනි.














