කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහමාංකඩවල ප්‍රදේශයේ ජලය රැගෙන යන ඇළ මාර්ගයක් ආසන්නයේ පිහිටි වගුරු බිමක සිරවී සිටි වන අලියෙකු මුදාගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පෙරේදා (22) උදෑසන ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් මෙම ස්ථානයට ගොස් ඇති අතර, අලියා වගුරු බිමේ දැඩි ලෙස එරී තිබීම හේතුවෙන් මෙහෙයුම අසීරු වී ඇත. කෙසේ වෙතත්, අලියා ගොඩගැනීම සඳහා බැකෝ යන්ත්‍රයක් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ලබාගනිමින් මුදාගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.














