ඇමරිකා එක්සත් ජනපදය විසින් බලහත්කාර ශ්‍රමයට (forced labour) සම්බන්ධ ආනයන ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇති නව වෙළඳ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව 10%ක පහළ තීරුබදු කාණ්ඩයට යටත් කර තිබේ.
අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) නිවේදනය කර ඇති පරිදි, සැපයුම් දාමයන් තුළ බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ වැළැක්වීමට අපොහොසත් වීම මත ආර්ථික 60ක් ඉලක්ක කරමින් මෙම අමතර තීරුබදු පනවා ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ කැනඩාව ඇතුළු රටවල් 17ක් මෙම 10%ක පහළ තීරුබදු අනුපාතයට අයත් වන අතර, අනෙකුත් රටවල් 12.5%ක ඉහළ තීරුබදු අනුපාතයකට මුහුණ දී සිටී. 1974 අමෙරිකානු වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ ක්‍රියාත්මක වන මෙම නව තීරුබදු අද (24) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.














