සාමාන්‍ය කර්මාන්ත භාණ්ඩ සඳහා දින 180ක්, ඇතැම් විශේෂිත භාණ්ඩ සඳහා දින 360ක් සහ දිගුකාලීන අවශ්‍යතා සඳහා දින 730ක් දක්වා කාලීන පහසුකම් ලබා දී ඇති බව පවසමින්, එම පහසුකම් අවභාවිත කරමින් විදේශයන්ට ඩොලර් යවා නමුත් ඊට අදාළ භාණ්ඩ මෙරටට ආනයනය නොකළ ආනයන-අපනයන වංචාකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය අනිල් ප්‍රකාශ කර තිබේ.
විමර්ශනවලදී මෙම වංචා සහ නීති විරෝධී ක්‍රියා අනාවරණය වී ඇති බැවින්, ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














